13 February 2025


නීති විරෝධී ධීවර කටයුතු කළ 05දෙනෙක් නීතියේ රැහැනට



නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කුඩැල්ලන් ඇල්ලූ සහ නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 05දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.

කිලිනොච්චිය මුද්දලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව් නන්දිකඩාල් කළපු ප්‍රදේශයේ පසුගිය 03වනදා සිට ඊයේ (12) දක්වා කාලය තුළ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ධීවර යාත්‍රා 04ක් සහ නීති විරෝධී ධීවර දැල් 250ක තොගයක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colomboitimes.lk)