13 February 2025


වෙළඳසැල් රැසක් හදිසි පරික්ෂාවට



හැටන් නගරයේ තොග සහ සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, මත්ස්‍ය අලෙවිසැල්, පලතුරු අලෙවිසැල් සහ ආපනශාලා අද (13) හදිසි පරික්ෂාවට ලක් කර තිබෙනවා.

ඒ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින්.

හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර පාන සහ ආහාර ද්‍රව්‍ය ලබාදිමේ අරමුණින් මෙම හදිසි පරික්ෂාව සිදු කර තිබෙනවා.

එහිදී පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳසැල් රැසකට එරෙහිව සහ අපිරිසිදු ආකාරයෙන් ආපනශාලා පවත්වා ගෙන ගිය ආපනශාලා හිමිකරුවන් රැසකට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කළ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)