13 February 2025


ප්‍රදේශ කිහිපයකට හෙට ශීත කාලගුණයක්



දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී ශීත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවයි.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල හෙට උදෑසන කාලයේදී මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර උතුරු මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල හෙට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)