11 July 2025

logo

ඉන්ධන පිරවුම්හලේදි ත්‍රිරෝද රථයක් හදිසියේ ගිනි ගනියි



හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබා ගැනිම සදහා පැමිණි ත්‍රිරෝද රථයක් අද (26) ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න පාලනය කිරිමට ඉන්ධන පිරවුම්හලේ සේවකයන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනිමෙන් අනතුරුව ත්‍රිරෝද රථය පණ ගැන්වීමට රියදුරා අවස්ථා කිහිපයකදී උත්සහ කිරීමත් සමඟ ත්‍රිරෝද රථයේ එන්ජිම දෙසින් එකවරම ගින්න හටගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයේ ඉන්ධන කාන්දුවක් ගින්නට හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)