පයාගල, බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මාර්ගයක බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
එහි අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින බැවින් හෙට (07) උදෑසන 8.00 පමණ වන තෙක් මෙම බාධාව පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)