අනවසරයෙන් ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් මෙම ධීවර යාත්‍රා 04 සමඟ පුද්ගලයන් 35දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු මඟින් සමුද්‍රීය පරිසරය වෙත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වෙත සිදුවන අහිතකර බලපෑම වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබනවා.
(colombotimes.lk)
