රුසියා - යුක්‍රේන යුද ගැටුම අවසන් කිරීම වෙනුවෙන් අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනය වෙත යෝජනා 28කින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එළඹෙන 27 වනදා වන විට මෙම යෝජනාව පිළිගන්නා ලෙසට ජනපති ට්‍රම්ප් විසින් යුක්‍රේනය වෙත බලකරමින් සිටින බවයි.
එමෙන්ම මෙම යෝජනාව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය සහ යුක්‍රේනය ඇතුළු රටවල ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී හමුවීමට නියමිතයි.
(colombotimes.lk)
