24 November 2025

logo

මෙට්ට කර්මාන්තශාලාවක දැවැන්ත ගින්නක්



පානදුර, හිරණ ප්‍රදේශයේ පිහිටි මෙට්ට කර්මාන්තශාලාවක අද (24) දහවල් දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා මොරටුව මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)