07 May 2026

logo

දෙනියායේ පාසල් 04ක් හෙට වැසෙයි



පාසල් දරුවන් අතර සීග්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) වසා දැමීමට තීරණය කළ බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පවසනවා.

ඒ අනුව ඇය සදහන් කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය සිසුන් සහ ගුරුවරුන් අතර මෙම උණ රෝගය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.

මෙලෙස හෙට (08) වසා තැබීමට තීරණය කළ පාසල් වනුයේ දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ යන විද්‍යාලයි.

(colombotimes.lk)