30 May 2026

logo

අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්



අටමස්ථානාධිපති ධූරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් තාවකාලිකව පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර තිබෙනවා.

මල්වතු මහා විහාරය අද (30) මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

මල්වතු මහා විහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන තුරු මෙම තාවකාලික පත් කිරීම සිදු කර තිබෙනවා. 

මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර තිබෙන බවයි සඳහන් වන්නේ. 



(colombotimes.lk)