ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 07ක් ලබාදී තිබෙනවා.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එකක් රුපියල් මිලියන 22ක් වන මෙම ඩබල් කැබ් රථ කිහිපය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබාදීම පසුගියදා සිදු කළ බවයි.
මහනුවර දිස්ත්‍රික්කයේ වරල්ලගම සහ ගඟවට කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය සහ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, කොළඹ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයටත් අදාළ කැබ් රථ නිල වශයෙන් බාරදීම සිදු කර තිබෙනවා.
(colombotimes.lk)