20 January 2026

logo

හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියලුදෙනාට නිදහස



හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර 02ක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13දෙනා ද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාව වෙත භාරදී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (13) දිනයේදී ජීවත් වී සිටින ප්‍රාණ ඇපකරුවන් 20දෙනාම ඊශ්‍රායල හමුදා භාරය පත් කළ බවයි.

ඉන් අනතුරුව ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමටද නියමිතව තිබෙනවා.
 
එමෙන්ම හුවමාරුවක් ලෙස නිදහස් කිරීමට නියමිත පලස්තීන සිරකරුවන් 1,966දෙනා ද ඊශ්‍රායල බන්ධනාගාරවල බස් රථවලට ගොඩ වී ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම පිරිසට අමතරව පැහැරගෙන හමාස් භාරයේ සිටි 39දෙනා පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)