විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය හෙට (14) උදෑසන ප්‍රකාශ කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවෙළ නිවැරදි ආකාරයෙන් සිදු කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
(colombotimes.lk)