යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (13) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක් ගෙවා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙන අතර එම වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව වතු සමාගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වැවිලි කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද වැවිලි සමාගම් නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා වැවිලි කර්මාන්තය නඟා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මෙහිදී පැහැදිලි කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඊට අදාළ රජයේ දායකත්වය උපරිම වශයෙන් ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)