2025 ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙක්ට ප්‍රදානය කරන බව නොබෙල් ත්‍යාග කමිටුව අද (13) නිවේදනය කර තිබෙනවා.
ජොයෙල් මොකර්, පිලිප් අජියන් සහ පීටර් හොවිට් යන ආර්ථික විද්‍යා විද්‍යාඥයන් සඳහා මෙලෙස නොබෙල් ත්‍යාගය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
නවෝත්පාදනය මත පදනම් වූ ආර්ථික වර්ධනය පැහැදිලි කිරීම වෙනුවෙන් මෙලෙස නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන බව නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කර තිබෙනවා.
'තාක්ෂණික ප්‍රගතිය තුළින් තිරසාර වර්ධනයක් සඳහා පූර්වාවශ්‍යතා හඳුනා ගැනීම වෙනුවෙන්' මොකීර්ට සහ 'නිර්මාණාත්මක විනාශය තුළින් තිරසාර වර්ධනයක් පිළිබඳ න්‍යාය සඳහා' වූ ත්‍යාගය අජියන් සහ හොවිට් වෙත නොබෙල් ත්‍යාග ප්‍රදානය කිරීමට නියමිතයි.
(colombotimes.lk)