සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දිනේෂ් නිශාන්ත කුමාර හෙවත් ගම්පහ බබා එළඹෙන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන, ඉෂාරා සෙව්වන්දි සමඟ සිටියදී නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග මත පෑලියගොඩ පොලීසිය භාරයේ රඳවා සැකකරුගෙන් ප්‍රශ්න කර තිබෙන බවයි.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
