මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් ලක්ෂ 10ක් පමණ අවදානමට ලක්ව ඇති බව වාර්තා වනවා.
ඒ ඉන්දීය අදානි සමාගම, මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250ක සුළං බලාගාරය හේතුවෙන්.
වසරකට රටවල් 30කින් පමණ සංචාරක පක්ෂි විශේෂ 150ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කළේ.
මෙම පක්ෂීන්ගේ ගමන් මාර්ගය පවතින්නේ නව ඉදිකිරීම් සිදුකිරීමට යෝජිත ස්ථානය හරහායි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් එම කුරුල්ලන් අවදානමට ලක්ව ඇති බවයි.
එම නිසා මෙම ඉදිකිරීම් උතුරුකරයට වන්නට ආරම්භ කිරීමට රජය විද්‍යාත්මක තීන්දුවක් ගත යුතු බවයි පරිසරවේදී නයනක රන්වැල්ල ප්‍රකාශ කරන්නේ.
(colombotimes.lk)