04 February 2025


නිදහස් දිනය දවසේ ළමුන් පිරිසක් පාගමනක නිරත වෙයි



දුම්වැටි සහ මත්පැන් පානය නතර කර ලෙස ඉල්ලමින් වතුකරයේ පාසල් ළමුන් පිරිසක් අද (04) පාගමනක නිරත වී තිබෙනවා.
 
මෙම පාගමන කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සහ දිඹුල පතන පොලීසිය එක්ව හැටන් කොටගල ප්‍රදේශයේ පාසල් ළමුන් සහභාගී කර ගනිමින් පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

වතුකරයේ ජනතාව දුම්වැටි සහ මත්පැන් පානයට යොමු වීම තුළින් ඔවුන්ගේ ආර්ථිකය, සෞඛ්‍ය, සමාජ තත්ත්වය දරුණු ලෙස කඩා වැටීමකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම පාගමන සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.



(colombotimes.lk)