රෝග වැළැක්වීමේදී ක්‍රීඩාව සහ ව්‍යායාම වෛද්‍ය ක්‍රමයක් ලෙස ඇතුළත් කිරීම අවශ්‍ය බව සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ කරාපිටිය ජාතික රෝහලේ ක්‍රීඩා සහ ව්‍යායාම වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ ඉන්සියුලින් ඇතුළු දියවැඩියාව ආශ්‍රිත ඖෂධ සඳහා රජය පසුගිය වසරේ රුපියල් බිලියන 7.3ක් පමණ වියදම් කර ඇති බවයි.
ක්‍රීඩා සහ ව්‍යායාම සෞඛ්‍ය සේවාවලට ඒකාබද්ධ කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ක්ෂේත්‍රයේ එහි කාර්යභාරය පුළුල් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)