2025 ජනවාරි 27වනදා 29වනදා දක්වා කොළඹදී පැවති සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යෝජිත ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමේ ගිවිසුම අවසන් කර තිබෙනවා.
විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ යෝජිත ගිවිසුමේ පාඨය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණි බවයි.
එහිදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නියෝජ්‍ය නීති උපදේශක තිලානි සිල්වා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දී තිබෙනවා.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය දූත පිරිසට නායකත්වය මුදල් අමාත්‍යාංශයේ ආර්ථික විශේෂඥ ආචාර්ය හමීඩ් නස්ර් අබ්දුල්කදීර් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගිවිසුම නුදුරු අනාගතයේදී අත්සන් කිරීමට අපේක්ෂා කරන බවද විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)