03 May 2026

logo

විනාඩි 10ක හාදුවක් පෙම්වතා රෝහල්ගත කරයි



චීන ජාතික පෙම්වතෙක් සිය පෙම්වතියට විනාඩි 10ක හාදුවක් ලබා දීමෙන් පසු වම් කන ඇසීම අහිමි වී තිබෙනවා.

චීන ජාතික පෙම්වතුන්ගේ දිනයේදී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුට මෙම හාදුව දෙන අවස්ථාවේදී තම වම් කනෙන් විශාල පිපිරීමේ හඬක් ඇසී ඇති බව සඳහන්.

ඉන් පසුව ඇති වූ වේදනාවත් සමඟම එම පෙම්වතා රෝහල් ගත කෙරුණු අතර සුවය ලැබීමට මාස 2ක කාලයක් ගතවන බවයි පවසා ඇත්තේ. 
(Colombotimes.lk)