01 May 2026

logo

ඉරාන රජයෙන් පාකිස්ථාන මැදිහත්කරුවන් වෙත නව යෝජනාවක්



ඉරාන රජය විසින් පසුගිය බ්‍රහස්පතින්දා පාකිස්ථාන මැදිහත්කරුවන් වෙත නව යෝජනාවක් ඉදිරිපත් කළ බව ඉරාන රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් අල් ජසීරා පුවත් සේවයට පවසා තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එකිනෙකාට අනතුරු ඇඟවීම් සිදු කරමින් සහ යුද්ධයක් ඇතිවීමේ හැකියාව පවතින බවට ඉඟි කරමින් සිටින පසුබිමක කලාපය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් තවදුරටත් පවතින බවයි.

(colombotimes.lk)