ඉන්ධන මිලෙහි සිදු වූ සංශෝධනයත් සමඟ ඩීසල් මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේ මෙම ගාස්තු සංශෝධනය ප්‍රතිශතයක් ලෙස වැඩි නොකොට දෙමාපියන් සමඟ සාකච්ඡා කර යම් ප්‍රමාණයකට ඉහළ දැමීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම මීට පෙර අවස්ථා කිහිපයකදීම ඩීසල් මිල ඉහළ දැමීම සිදු වුවත් දෙමාපියන් ගැන සිතා ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකළ අතර සිය අපසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙවර යම් ප්‍රමාණයකට ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
