හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට අල්ලස් කොමිසම විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ එයාර් බස් ගණුදෙණුව සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ලබන 12වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින්.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අල්ලස් පනත සහ දූෂණ විරෝධී පනත ප්‍රකාරව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකාර එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නික්ලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන මැයි මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
(colombotimes.lk)
