03 May 2026

logo

පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සුමේධ රණසිංහට රිදී පදක්කමක්



දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රීදී පදක්කම දිනගැනීමට සුමේධ රණසිංහ සමත්වී තිබෙනවා.

ඒ මීටර් 75.61ක දක්ෂතාවයක් වාර්තා කරමින්.

එමෙන්ම හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් දුර මීටර් 56.79ක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගැනීමට දිල්හානි ලේකම්ගේ සමත් වී තිබෙනවා.

ආසියානු විසිකිරීමේ ශූරතාවලිය දකුණු කොරියාවේදී ඊයේ (02) ආරම්භ වුණා.

(colombotimes.lk)