විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ශල්‍යකර්ම සිදු කිරීමෙන් අගතියට පත්වූ පුද්ගලයන් 100දෙනෙක්ගෙන් පමණ මේ වන විට පැමිණිලි ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
අල්ලස් කොමිසම සඳහන් කළේ ඒ සම්බන්ධව යම් තොරතුරක් ඇතිනම් ක්ෂණික ඇමතුම් අංක 1954ට හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනයට දැනුම්දිය හැකි බවයි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී විජේරත්න විසින් ස්නායු ශල්‍යකර්ම සිදු කිරීමේදී ඊට අවශ්‍ය ශල්‍ය උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීමෙන් රෝගීන්ට අලාභ සිදු කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
(colombotimes.lk)