12 July 2025

logo

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට ලැබෙන දේ මෙන්න



දේශීය සහ විදේශීය රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් 50,000කට රැකියා පුහුණුව ලබාදෙන පූර්ණ අරමුදල් සහිත රැකියා පුහුණු වැඩසටහනක් දියත් කර තිබෙනවා.  

ඒ ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින්.

මෙම වැඩසටහන අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 18ත් 35ත් අතර තරුණ තරුණියන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

ජාත්‍යන්තර තරුණ කුසලතා දිනයට සමගාමීව රට පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තරුණ ප්‍රජාව සඳහා කුසලතා පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. 

එමෙන්ම මෙම සම්මුඛ පරීක්ෂණ ජූලි 15 සිට 23 දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වෙනවා. 


(colombotimes.lk)