මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1,400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ඒ ඊයේ (11) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින්.
මෙම වසර අවසන් වීමට පෙර එම ප්‍රතිපාදන නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායකවීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේද වගකීම බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
එමෙන්ම ඔහු කියා සිටියේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් විසින් ගන්නා තීන්දු තීරණවල වින්දිතයන් බවට පත්ව ඇත්තේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති පොදු ජනතාව බවයි.
එය තවදුරටත් සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ මේ වසරේ 5%ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත්, රාජ්‍ය ආයෝජන ඉහළයාම ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන බවත් එයින් රටේ සංවර්ධන කාර්යය පණ ගැන්වීමට හැකියාව ලැබෙන බවයි.
(colombotimes.lk)