මෙරට වාර්ෂික අපේක්ෂිත පොල් අස්වැන්න අඩු වී තිබෙන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසනවා.
ඔහු කියා සිටියේ වාර්ෂික පොල් අස්වැන්න පොල්ගෙඩි මිලියන 3000ක් වුවත් මේ වසරේදී එම ප්‍රමාණය ගෙඩි මිලියන 246කින් අඩු වී ඇති බවයි.
පොල් දෙසතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ කිසිඳු හේතුවක් මත පොල් ගස් කැපීම නීතියෙන් තහනම් බවයි.
මෙරට අක්කර ලක්ෂ 11ක පමණ භූමි ප්‍රමාණයක පොල් වගාව සිදු කරන අතර මෙරට පොල් ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන කුරුණෑගල, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව පොල් වගාව බහුලව සිදු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)