ශ්‍රී ලංකාව සඳහා වන ඇමරිකා එක්සත් ජනපදයේ නව අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී එරික් මේයර් (Eric Meyer) පත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ධවල මන්දිරය විසින් මෙම පත් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි.
ඒ අනුව ජූලි චුන්ග්ගෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති තනතුරට එරික් මේයර් පත් වී තිබෙනවා.
(colombotimes.lk)