01 July 2025

logo

කොළඹට සුපිරි බස් 100ක්



කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සුවපහසු හා නවීන පහසුකම් සහිත බස්රථ සමූහයක් හඳුන්වා දීමට 2025 අයවැය තුළින් යෝජනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ වෙනුවෙන් නව බස්රථ 100ක් මිලදී ගැනීමට මිලියන 3,000ක් වෙන් කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එමෙන්ම ලංගම හරහා තවත් බස් රථ 200 ක් යෙදවීමට කටයුතු කරන බවත් මෙම බස්රථ මෙට්‍රෝ බස් ලෙස හඳුන්වන නව සමාගමක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළා.

colombotimes.lk