දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් දොළොස් දෙනෙක් අද (28) උදෑසන නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව යාපනය ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදීසි මෙහෙයුමකදීයි.
නාවික හමුදාව භාරයට ගත් අදාළ ධීවර යාත්‍රාව හා ධීවරයින් දොළොස්දෙනා වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)