අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට අද (04) නියම කර තිබෙනවා.
සැකකාර වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද (04) මෝසමක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධව කරුණු දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුකරය ලබන 08වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි.
(colombotimes.lk)