26 December 2024


බාසිලෝනාහි ගුවන් ගමන් 120ක් අතරමං වෙයි



ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් බාසිලෝනා නුවර එල් ප්‍රැට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළද ජලයෙන් යටවූ බවයි.

ඒ හේතුවෙන් ගුවන් ගමන් 70ක් අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් ගුවන් ගමන් 50ක් එරට වෙනත් නගරවල ගුවන්තොටුපොළවල්වලට ගොඩබැස්වීමටත් බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

(colombotimes.lk)