colombotimes.lk
සිංහල | English

01 October 2024


ඛනිජ තෙල් සංස්ථාවේ ෂෙඩ් 150 ක් Sinopec සමාගම යටතට



දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් පවත්වා ගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හල් 150 ක් සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් වෙනුවෙන් ආයෝජනය කිරීමට Sinopec කටයුතු කිරීමට නියමිතයි. 

ඒ මෙරට සිල්ලර පෙට්‍රොලියම් වෙළෙඳපොළට ප්‍රවේශවීම පිණිස චීනයේ Sinopec සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ඊයේ අත්සන් කළ ගිවිසුමට අනුවයි. 
 
වසර 20ක කාලයක් වෙනුවෙන් Sinopec සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට බලපත්‍රය මේ අනුව හිමිවනු ඇති. 
 
බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.
(colombotimes.lk)