ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී තිබෙනවා.
ඒ අරලියගහ මන්දිරයේදීයි.
එහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු ශ්‍රී ලංකා මුලපිරීම ආමන්ත්‍රණය කිරීමේදී රජය දරන උත්සාහයන් අගය කර තිබෙනවා.
එමෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, දේශගුණික විපර්යාස, සාමය ගොඩනැගීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළු ප්‍රධාන අංශ 09ක් කෙරෙහිද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)