ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදී තිබෙනවා.
එම මුදල ශ්‍රී ලංකා මුදලින් මිලියන 565ක් බවයි වාර්තා වන්නේ.
මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ පසුගිය (03) වනදා සිදු වී තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය ඉකුඉනා අකිකෝ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඊට අත්සන් තබා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රදානය මඟින් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසල ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 28ක් සපයන අතර ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැගෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක් බැගින් ලබාදීමට නියමිතයි.
(colombotimes.lk)