01 February 2025


නිදහස් දින ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1650ක්



නිදහස් දින සැමරුම් ප්‍රධාන උත්සවය, පෙරහුරුවල ආරක්ෂාව සඳහා පොලීසියේ මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් 1,650ක් අනුයුක්ත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රථවාහන ගමනාගමනයට හා මගී ජනතාවට බාධා නොවන අයුරින් පෙරහුරුව සහ ප්‍රධාන උත්සවය පැවැත්වීමට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි.

ඒ අනුව නිදහස් දින සැමරුම් පෙරහුරුව වෙනුවෙන් අදත් (01) කොළඹ නිදහස් චත්‍රරස්‍රය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

එම රථවාහන සැලැස්ම උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)