ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 17දෙනෙක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් එක් සොල්දාදුවෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි.
ගාසා නගරයේ සහ ඛාන් යුනිස් ප්‍රදේශවල සිදු වූ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් අතර ළමුන් 06දෙනෙක්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊශ්‍රායල ප්‍රහාරවලින් සොල්දාදුවන් සිව්දෙනෙක් ඇතුළු පුද්ගලයන් 533දෙනෙක් මියගොස් ඇති බවයි.
(colombotimes.lk)
