18 June 2026

logo

අස්වැසුම සුබසාධක දීමනා අද බැංකු ගිණුම් වෙත



අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම අද (18) සිදු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම මණ්ඩලය සදහන් කළේ එම මුදල් අද (18) අදාළ බැංකු ගිණුම් වෙත බැර කරන බවයි.

ප්‍රතිලාභී පවුල් 1,373,248ක් සඳහා රුපියල් එක්දහස් අනූ කෝටි හතළිස් අට ලක්ෂ එක්දහස් දෙසිය පනහක මුදලක් අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කෙරෙන බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.  

(colombotimes.lk)