ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව යතුරුපැදියේ ගමන්ගත් ගුරුවරියක් බස් රථයේ පසුපස රෝදයකට යටවීමෙන් අද (18) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව කුඹුගොල්ලෑව ප්‍රදේශයේදීයි.
මියගිය කාන්තාව වයස අවුරුදු 56ක් වන පූනෑව, ගල්කන්දේගම විද්‍යාලයේ සේවය කරන ගුරුවරියක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)
