ICC T20 පන්දු යවනන්ගේ ශ්‍රේණිගත කිරීම්වල යළිත් මුල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමත්වී තිබෙනවා.
ඒ අනුව ඔහු එහි 14වන ස්ථානයේ සිට 08වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පසුගිය කොදෙව් තරගාවලියේදී දැක්වූ දක්ෂතා සමඟ මෙහි 17වන ස්ථානයේ සමතැන් ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත්වී තිබෙනවා.
මීට පෙර ඔහු රැඳී සිටියේ එහි 27වන ස්ථානයේයි.
