18 June 2026

logo

T20 ශ්‍රේණිගත කිරීම්හී කමිල් මිෂාර ස්ථාන 24ක් ඉදිරියට



නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (17) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 24ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ කමිල් මිෂාර සමත්වී තිබෙනවා.

ඒ පසුගියදා නිමාවූ කොදෙව්වන්ට එරෙහි තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

මේ සමඟ කමිල් මිෂාරට නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 18වන ස්ථානය හිමි වී තිබෙනවා.

(COLOMBOTIMES.LK)