ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක පිපිරීමක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18දෙනෙක් මියගොස් තිබෙන බවයි.
එමෙන්ම අනතුරින් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
පිපිරීමෙන් පසු තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම නිතිවිරෝධී පතල ප්‍රාන්ත අගනුවර වන ෂිලොන්ග් සිට කිලෝමිටර් 72ක් දුරින් වනාන්තර ප්‍රදේශයක පිහිටා තිබෙනවා.
(colombotimes.lk)
