19 January 2026

logo

චිලී රාජ්‍යයේ පුද්ගලයන් 18කට දිවි අහිමි වෙයි



චිලී රාජ්‍යයේ දැවැන්ත ලැව් ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්න හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 18දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
 
එලෙස පැතිර යන ගින්න හේතුවෙන් චිලී රාජ්‍යයේ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් එරට දකුණු පළාතේ කලාප 02ක ව්‍යසනකාරී තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

එමෙන්ම එම ප්‍රදේශ ආශ්‍රිතව පුද්ගලයන් 20,000ක් පමණ ඉවත් කිරීමටද පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)