19 January 2026

logo

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මහව දක්වා සීමා වෙයි



උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අද (19) සිට නැවත දැනුම් දෙනතුරු කොළඹ කොටුවේ සිට මහව දක්වා සීමාකර තිබෙනවා.
 
ඒ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අද ආරම්භ වීම හේතුවෙන්.

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානි වූ එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ ඉන්දීය රජයේ ආධාර යටතේ සිදු කරන බවයි වාර්තා වන්නේ. 

ඒ හේතුවෙන් අද සිට 26වනදා දක්වා පමණක් අනුරාධපුර සහ කන්කසන්තුරය අතර දුම්රිය ධාවනයට කටයුතු යොදා තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා යාල්දේවී සහ යාල්රාණී දුම්රිය ධාවනයට එක් කර තිබෙන බවයි. 

(colombotimes.lk)