19 January 2026

logo

විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳ සාකච්ඡාවක්



විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සහ පාසල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

ඒ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්නගේ සභාපතිත්වයෙන් අනුකාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී අධ්‍යාපනයට අදාළ වෘත්තීය සේවාවන් පහේම සුදුසුකම් සහ තනතුරු අනුව ස්ථානගතකර ඇති ආකාරය සහ ඉදිරි වසර 5 සඳහා පවතින පුරප්පාඩු පුරෝකථනය කළ හැකි වන පරිදි නව ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම සම්බන්ධ යෝජනා පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. 

(colombotimes.lk)