ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සොයාගෙන තිබෙනවා.
ඒ කෙසෙල්වත්ත ප්‍රදේශයේදීයි.
එම ප්‍රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක් තුළ තිබී එම පිස්තෝල අවිය සොයාගත් බව පොලීසිය සඳහන් කළා.
එහි තිබී පතොරොම් 29ක් ද සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
අදාළ පිස්තෝල අවිය මෙම ස්ථානයට ගෙනවිත් දැමූ සැකකරුවන් සොයා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)
