අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (19) උදැසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ ‘A Spirit of Dialogue' යන තේමාව යටතේ ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහායි.
එම සාකච්ඡාව අද (19) සිට ලබන 23වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය සහ ජාත්‍යන්තර නායකයන්, ගෝලීය ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතර ඉහළ මට්ටමේ ද්විපාර්ශවික සාකච්ඡා මාලාවක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
