පුද්ගලයින් 11දෙනෙක් සමඟින් ඊයේ (17) අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
ඒ මෙම යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හි බුලුසරවුන් කන්දේ තිබීයදීයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යානයේ සුන්බුන් හමුවූ නමුත් එහි සිටි පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර එම පිරිස සොයා ඉන්දුනීසියානු බලධාරීන් විශේෂ සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බවයි.
(colombotimes.lk)
